කාලයක් උබුන්ටු එක්ක හැප්පුනු මම දැන් ෆෙඩෝරා ට්රයි කරන්න හිතුවා මේකට මාව උනන්දු කරේ නම් ලිනක්ස් යූසර් කණ්ඩායමේ අයියා කෙනෙක්...මගේ උබුන්ටු අත්දැකීම් ඉස්සරහදි කියන්නම් කොහොම හරි මම ටිකක් විවෘත මෘදුකාංග පාවිච්චියට කැමති කෙනෙක්.....හරි මට දැන් ඕන මගේ පරිගණකයට මගේ දැනට තියෙන මෙහෙයුම් පද්ධතිය තියෙද්දිම තව මෙහෙයුම් පද්ධතියක් ඇතුලත්(ඉන්ස්ටෝල්) කරන්න හැබැයි මේක මගේ හාඩ් ඩිස්ක් එකේ පාටිෂන් (හාඩ් එකටම ඩුවල් බූට් එකක් විදිහට ඉන්ස්ටෝල් කරන හැටි පස්සේ කියන්නම්)එකක් ඒ කියන්නේ මේ සදහාම වෙන් කරගත්ත කොටසක ඉන්ස්ටෝල් කරන්න මම කැමති නෑ(මෙකට හේතු තියනවා දැනට මෙහෙම හිතන්න මට මෙහෙයුම් පද්ධති ගොඩක් මෙහෙම දා ගත්තොත් මගේ හාඩ් ඩිස්ක් එකේ කොච්චර ඉඩක් යයිද?)දැන් මට තියෙන විකල්පය තමා මේ වර්චුවල් බොක්ස්.මේ ඉස්සර සන් මයික්රෝසිස්ටම් දැන් ඔරකල් මගින් ලබාදෙන නිදහස් මෘදුකාංගයක් ඇත්තටම නියම බඩුවක්!
![]() |
| මේ තියෙන්නේ මැක් ඕ එස් එකේ දාලා තියෙන virtual box මෘදුකාංගයක් බලන්න මොහයුම් පද්ධති ගාන ........ |
- දැන් මුලින්ම මම වර්චුවල් බොක්ස් බාගත කරගන්න ඕනේ(දැනට තියන අය ඉතින් පොඩ්ඩක් පනින්න ඊලග පියවරට)මේ සයිට් එකෙන් ඔයාලට ලේසියෙන්ම මේ මෘදුකාංගය බාගන්න පුළුවන්;මෙතනදි ඔයාල ඔයාලගෙ මෙහෙයුම් පද්ධතියට අදාල මෘදුකාංගය බාගත කරගන්න (උදාහරණයක් විදිහට වින්ඩෝස් 7,64 වලට හරියන එක ගමුකෝ...... මම හදන්නෙ වින්ඩෝස් ඇතුලෙ මගේ අනික් මෙහෙයුම් පද්ධති වැඩ කරවන්න....)
එතකොට කට්ටියට දැන් තේරෙනවද මේකෙදි වෙන්නේ අපි අපේ හාඩ් එකේ ඇත්තටම වෙන් කරලා නැති ඉඩක් අපිට ඕන වෙලාවට හදාගන්න බව.වර්චුවල් කියන්නේ ඇත්තටම නැති දෙයක් තියන බවට අගවලා වැඩකරන එක..එතකොට මේ මෘදුකාංගය අපිට උදව් කරනවා අපේ දැනට තියෙන මෙහෙයුම් පද්ධතිය ඇතුලෙන් අපේ පරිගණකය නැවත පනගන්වලා පරිගණකයට අගවන්න වෙනත් මෙහෙයුම් පද්ධතියක් දැන් වැඩකරන්න කියලා.ඒක මේ මෘදුකාංගය කරන හැටි වෙනම කතාවක් පස්සේ.....හරි බාගත්තද දැන් ඊලග පියවර
මේ තියෙන්නේ මැක් ඕඑස් එකේ වින්ඩෝස් වැඩකරන රූපයක්
