කාලයක් උබුන්ටු එක්ක හැප්පුනු මම දැන් ෆෙඩෝරා ට්‍රයි කරන්න හිතුවා මේකට මාව උනන්දු කරේ නම් ලිනක්ස් යූසර් කණ්ඩායමේ අයියා කෙනෙක්...මගේ උබුන්ටු අත්දැකීම් ඉස්සරහදි කියන්නම් කොහොම හරි මම ටිකක් විවෘත මෘදුකාංග පාවිච්චියට කැමති කෙනෙක්.....හරි මට දැන් ඕන මගේ පරිගණකයට මගේ දැනට තියෙන මෙහෙයුම් පද්ධතිය තියෙද්දිම තව මෙහෙයුම් පද්ධතියක් ඇතුලත්(ඉන්ස්ටෝල්) කරන්න හැබැයි මේක මගේ හාඩ් ඩිස්ක් එකේ පාටිෂන් (හාඩ් එකටම ඩුවල් බූට් එකක් විදිහට ඉන්ස්ටෝල් කරන හැටි පස්සේ කියන්නම්)එකක් ඒ කියන්නේ මේ සදහාම වෙන් කරගත්ත කොටසක ඉන්ස්ටෝල් කරන්න මම කැමති නෑ(මෙකට හේතු තියනවා දැනට මෙහෙම හිතන්න මට මෙහෙයුම් පද්ධති ගොඩක් මෙහෙම දා ගත්තොත් මගේ හාඩ් ඩිස්ක් එකේ කොච්චර ඉඩක් යයිද?)දැන් මට තියෙන විකල්පය තමා මේ වර්චුවල් බොක්ස්.මේ ඉස්සර සන් මයික්‍රෝසිස්ටම් දැන් ඔරකල් මගින් ලබාදෙන නිදහස් මෘදුකාංගයක් ඇත්තටම නියම බඩුවක්!
![]() |
මේ තියෙන්නේ මැක් ඕ එස් එකේ දාලා තියෙන virtual box මෘදුකාංගයක් බලන්න මොහයුම් පද්ධති ගාන ........ |
- දැන් මුලින්ම මම වර්චුවල් බොක්ස් බාගත කරගන්න ඕනේ(දැනට තියන අය ඉතින් පොඩ්ඩක් පනින්න ඊලග පියවරට)මේ සයිට් එකෙන් ඔයාලට ලේසියෙන්ම මේ මෘදුකාංගය බාගන්න පුළුවන්;මෙතනදි ඔයාල ඔයාලගෙ මෙහෙයුම් පද්ධතියට අදාල මෘදුකාංගය බාගත කරගන්න (උදාහරණයක් විදිහට වින්ඩෝස් 7,64 වලට හරියන එක ගමුකෝ...... මම හදන්නෙ වින්ඩෝස් ඇතුලෙ මගේ අනික් මෙහෙයුම් පද්ධති වැඩ කරවන්න....)
මේ තියෙන්නේ මැක් ඕඑස් එකේ වින්ඩෝස් වැඩකරන රූපයක් - දැන් මම මගේ වර්චුවල් බොක්ස් මෘදුකාංගය වෙත යනවා මම එතන තියෙන නිව් කියන නිල්පාට මෙනු අයිටම් එක ක්ලික් කරනවා එතකොට එනවා තව ඩයලොග් බොක්ස් එකක්.....ඒකෙන් next යන්න...දැන් අපි අපේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියක් install කරන්න යන්නේ හැබැයි වර්චුවල්! මේ video එක බලන්න කරන දේ මම කියන්නම්.........
![]() |
මේ තියෙන්නේ පළවෙනි පාරට ඔයාගේ මෘදුකාංගය පෙනෙන හැටි........... |
හරි මේකයි අපි කරන්නේ......
1. අපි අපේ මෘදුකාංගය ක්‍රියා කරවනවා මූලික/ධාරක(Host-සිංහලෙන් :-p) මෙහෙයුම් පද්ධතියේ ඒ කියන්නේ මෙතනදි windows 7 දැන් මේකෙ තියන new ක්ලික් කරලා මම guest OS එකක් හදනවා
2.මෙතනදී ඔයාට පුළුවන් අපි දාන්න යන මෙහෙයුම් පද්ධතියට නමක් දෙන්න ඔයා fedora කියලා ගහද්දි එයා පහල ඊට අදාලව settings වෙනස් කරලා පෙන්නනවා 64 bit OS එක දානවා නම් ඒක drop down list එකෙන් තොරන්න අමතක කරන්න එපා
3.දැන් next click කරාම ඔයා හදන මෙහෙයුම් පද්ධතියට අදාල සැකසුම් කරන්න ඕන මෙතනදි
RAM-1024Mb
Hard-15Gb
![]() |
රැම් එක 1024වත් දෙන්න හැබැයි ඔයාගේ තියෙක මුලූ රැම් ඉඩ ගැන බලන්න මොකද අපි වැඩ කරන්නෙ අපේ host OS එකත් රැම් ඉඩ පාවිච්චි කරන ගමන් නිසා |

පින්තූර වල අනෙක් සැකසුම් බලන්න රැම් සහ හාඩ් ඉඩ මම සදහන් කරපු
පමනවත් දෙන්න අඩු ඉඩක් දුන්නොත් ප්‍රශ්න එයි.මෙතනදි ඔයාගේ පරිගණකයේ ඉඩ
ගැනත් හිතන්න ඕන කොහොමත් රැම් එකේදි අපි රතු පාට හරියට යන්න ඉඩ වෙන්කරන්න
එපා windows 7 වලටත් ඉඩ දෙන්න ඕනනේ
04. හරි දැන් අපි හදපු drive එක වම් පැත්තේ list එකේ තියේවි.ඒක click කරලා උඩ තියෙන tool bar එකෙන් start දෙන්න දැන් අපිට පහත වින්ඩෝව ලැබේවි ඊට පස්සේ අපේ disk location එක දෙන්න මෙහිදි ඔයා පාවිච්චි කරන්නේ CD එකක් නම් එහිදී අපේ drive location එක ලබා දෙන්න CD Image එකක් නම් එහි location එක ලබා දෙන්න ෆෙඩෝරා ඉමේජ් එක බාගත කර ගන්න මේ සබැදියෙන්
![]() |
අපි ඇතුල් කරන්න බලාපොරොත්තු වෙන මෙහෙයුම් පද්ධතිය තියන තැන ලබා දෙන්න |
05. දැන් fedora live CD එක run වෙයි එමගින් අපිට මෙහෙයුම් පද්ධතිය අපේ වර්චුවල් හාඩ් ඩිස්ක් එකට ඇතුල් කරන්න පුළුවන් ඒක සාමාන්‍ය මෙහෙයුම් පද්ධතියක් ඇතුල් කරන විදිහමයි fedora 17 දාන හැටි ඊලග කොටසින් අහා ඔයාට වෙනත් මෙහෙයුම් පද්ධති වලටත් මේ විදිහට සැකසුම් කරලා virtual box වලට ඇතුල් කරන්න පුළුවන්.....................
2 වන කොටස.....
No comments:
Post a Comment